රාහුලො ජාතො


"බුදු බව පැතුවෝ, දරු දුක නැද්දො" 

මා නොසොයා පුත, නිදියන් සියුමැලි 
සදා එළිය පිරි ලොවක් සදා දෙමි 

පුත නුඹ නිදිගත් කුටිය කැUම් 
කුටියෙ දොරින් පිට​, ගනඳුර රජයයි 

නිදි ලොව සිටියද නුඹ මා කැඳවයි 
පිටත අඳුර පිරි බව නුඹ නො දනියි 

දිනෙක නඟා ඔබ සියුමැලි පා යුග​ 
අඳුරු ලොවක් වෙත මා මෙන් එනු ඇත​ 

එදා ඔබෙ මඟ එළිය සදන්නට  
එළිය සොයා යමි පුථ නුඹ නාඬන් 

මා නො සොයා පුත නිදියෙන් සියුමැලි 
සදා එළිය පිරි ලොවක් සාදා දෙමි 

© Ariyawansa Ranaweera
Producción de Audio: Goethe Institut, 2015