ප්රතිමා මත කපුටෝ - නොහොත් අපේ කාලයේ වීරයෝ

"කපුටනි කියන්න  
කී දෙනෙක් ද  
නගරයෙ වීරයෝ?" 
නොදන්නෙමු  
හරියට 
වැඩිවෙයි ගණන​ 
දින දින 
සංකා නොමවෙන් 
මිතුර  
අමතක නොකර​ 
කිසිවිට​ 
සලකමු! 
පුදමු! 
උන්හට  
අපට පිළිවන්  
එකම විදියෙන් 

© Ariyawansa Ranaweera
Producción de Audio: Goethe Institut, 2015