Ariyawansa Ranaweera (ආරියවංශ රණවීර)
තොරන් හා පුවක් කොටන්
Idioma: cingalés
Traducciones:
alemán (THORANA UND BETELPALMEN)
තොරන් හා පුවක් කොටන්
රටා වැටී නැගේය රැස් කදම්බයන්
නිසා අහස් කුසේ ඇඳේය රම්‍ය වර්ණයන්
වටා හැපී බලන්න ආ දහස් සයස් දනන්
ඉතා තදින් බැඳන් නුවන් දිලෙයි දිලෙයි තොරන්
කලුම් විදා තොරන් දිනා ගනිත්දි සිත් සතන්
ඔවුන් පෙමින් උදේ දරා රකිත් පුවක් කොටන්
රැඳී ඇතත් දරා තොරන් ලැගී පිටු පසින්
නෙතක් නොලයි ඔවුන් දිහා එකෙක් දනන් කෙරෙන්
මිදී වසීව ගිය දණන් කෙරෙන් තොරන් නිසා
ගොසින් වරක් බලන්න රැස් වලල්ල පිටු පසින්
කොරොස් සමින් වැසී ඇතත් වතත් ගතත් ඔවුන්
ළතෙත් බසක් කියන්න උන්ට, උන් නිසයි තොරන්