Ariyawansa Ranaweera 
Translator

on Lyrikline: 2 poems translated

from: german to: sinhala

Original

Translation

Gedicht

german | Barbara Köhler

ich nenne mich du weil der Abstand
so vergeht zwischen uns wie Haut
an Haut wir sind nicht
zu unterscheiden zu trennen eins
und das Andere die Grenze ist
die Verletzung der Übergang
eine offene Wunde du nennst mich
ich wer von uns beiden sagt
hier hast du ein Messer
mach meinen Schnitt.

© Suhrkamp Verlag Frankfurt am Main 1991
from: Deutsches Roulette. Gedichte 1984-1989
Frankfurt am Main: Suhrkamp Verlag, 1991
ISBN: 3-518-11642-8
Audio production: 2000 M. Mechner, literaturWERKstatt berlin

කවිය

sinhala

අමතද්දී මා ඔබට ඔබයැයි 
වෙනස මතුවෙයි අප අතර 
මට සම එකට එක්වුනු 
බැඳුමක් නොවෙයි එය 
දේශසීමාව අප අතර පැන නගින රිදුමකි 
මා ඇරෙන තුවාලයකියි කියයි ඔබ 
ගන්න පිහිය යැයි පවසා 
අප දෙදෙනා අතරින් කවරෙක් 
කැපුමක් කපන්නේද සිරුරෙහි?

Translated into Sinhala by Ariyawansa Ranaweera

A result of the project Poets Translating Poets. Versschmuggel mit Südasien, organised in 2015 by the Goethe Institute in collaboration with Literaturwerkstatt Berlin

Die Dominospieler

german | Barbara Köhler

ein spiel mit den augen ein spiel mit den händen
die rede der gesten ins netz der blicke geknüpft
verfängliches & gelöstes wie fragen zu antworten
gewendet der nächsten frage zu einer fortsetzung
der gegenwart um einen stein um eine möglichkeit
um ein ornament wachsen zu lassen auf dem grünen
blechquadrat zwischen den spielern ein labyrinth
mit zwei ausgängen & vergessener mitte die figur
die ein gespräch beschreibt die form nimmt es an
teilt es mit den steinen den doppelquadraten mit
augen schwarzen auf abgegriffnem weiß zählen sie
gleich zu gleich zählen auf grün neben rot sechs
neben eins zu eins neben nichts zu nichts zählen
erzählen einander eine gegenwart ein geschenk um
presente: die mischung aus zufall & geschick das
mischen der steine ein ritual ihr teilen in zwei
gleiche teile & einen gemeinsamen vorrat aus dem
nimmt wer nicht mehr geben kann wer nichts hinzu
zufügen hat nimmt von einer hoffnung die bis zum
letzten stein nicht weniger wird eine antwort zu
finden ein zeichen ein gleiches eine wendung die
das gespräch fortsetzt in das ornament sich fügt
zum bild vielleicht das dann deutlich erscheinen
würde mitten in der nacht in der kleinen bar mit
den grünen tischen an einem zwei die nicht krieg
spielen nicht um herrschaft & macht dieses spiel
gewinnt wer alles geben kann wer wach bleibt wer
sieht wie gleiches zugleich sich ändert eins das
andere erwidert am tisch mit den gleichen seiten
die gesten die blicke die blicke die gesten kein
wort aber ein anderes stilles vernehmen zwischen
zwei gebenden das muster ergibt eine ordnung der
zufälle nimmt wer gibt wahr: verwirklicht sie zu
gleich verbindlich & offen sichtlich fortsetzbar
auf beiden seiten ein hingegebenes als könnte es
ums ganze gehen bei einem dominospiel: ums leben

© bei der Autorin
from: cor responde. Gedichte dt./portugies. Gemeinsam mit Ueli Michel (fotos/farben)
Duisburg & Berlin: pict. Im, 1998
Audio production: 2000 M. Mechner, literaturWERKstatt berlin

ඩොමිනෝ ක්‍රීඩාව

sinhala

ඇස් ඇති ඉත්තෙක් ගෙන 
ඇසින් කරන ක්‍රීඩාවකි එය 
දැලකිය එය ඇතුල්වන 
නැවත බේරීයන 
පැණ පිලිවිසිනි 
පිලිතුරු දෙන 
පිලිතුරු පතාගෙන 
ඉත්තන් එහෙ මෙහෙ කරන 
ක්‍රීඩාවකි එය 
ඇසින් කරන අතින් කරන 
පිලිසඳරකි එය 
ඉංගිති ජාලයක මැද හිඳගෙන 
ගෙත්තමකි එය 
දෙදෙනෙකු එක්වී වියන 
වරක හසුවන 
වරක මිදීයන 
ඉත්තන් විවර කර 
වසන් කරන 
සද පිලිතුර නැවත 
ඊලඟ පැනයට පෙරලෙන 
වත්මන දිගටම ඇදගෙන 
හැම ඉත්තෙකුම කිසියම් ගෙත්තමක් 
කරා යන 

කොල පැහැති හතරැස් මේසයකි 
වංගගිරියකි ඒ මැද 
නික්මීම සොයා යාමේදී 
මධ්‍යය අමතක නමුදු 
එක්තරා රටාවක් ඇදෙන 
පිලිසඳරකි-ඉත්තන්-ඉංගිති 
හඳුනා ගත හැක්කේ රටාව 
පිහිටුවා ලීමෙන් පමණි රටාවෙහි 
කොල පැහැතිය මේසය 
අත්පිස්නාව රතුය 
එකම දෙයක් කියන්නට තැන්කරන 
හයට එකකි-එකට බිංදුවකි-බිංදුවට බිංදුවකි 
එක්කලද ඒ දෙක නැවත ගුණ්‍යය කරාමය ගමන 

මේ මැදියම් රැයෙහි 
කොල  පැහැති මේසය වටා හිඳ 
කරන ක්‍රීඩාවකි මෙය ගැටුමක් නොමැති 
සිත එක්ලස් කරන තැනැත්තා 
සතු සියලු දේ නොවහලා දෙන්නට 
ජය ගනී මෙහිදී 
රෑ නිදිවරා ඉන්නට සැදීපැහැදුන කෙනා 
ජයගනී මෙහිදී 
රැගෙන එක සමාන ඉත්තන් 
පිලිතුරු දුන්නද 
රටාවක් පෙරලෙයි තවත් රටාවකට 

සමපැති සහිතය මේසය 
දෙපස සිට මුහුණෙන් මුහුණ බලාගෙන 
ඉංගිති, පිලිතුරු, බැලුම් පමණකි 
නැත මෙහි වදන් හුවමාරුවක් 
නිහඩ පිවිසුමකි මෙය 
දෙදෙනෙකු අතර 
අහඹුව මත ගොඩනැගෙන 
යම් පිලිවෙලක් කරා 
සෙන්දුවෙයි රටාව යන්තමින් 
දෙදෙනාගේ කැපවීමෙහි 
පලයකි මේ පැන නැගෙන පිලිවෙල 
තව තවත් යා හැකි අවැසිනම් දෙදෙනාට 
සාකල්‍යමයම දිනක 
මතුකර ගන්න තෙක්. 

Translated into Sinhala by Ariyawansa Ranaweera

A result of the project Poets Translating Poets. Versschmuggel mit Südasien, organised in 2015 by the Goethe Institute in collaboration with Literaturwerkstatt Berlin